R අකුරෙන් නම් ආරම්භ වන අයට
සැහැල්ලු සිතක් ඇත. ප්‍රීතියෙන් සිටීමට
ආශා කරයි. ත්‍යාගවන්ත භාවය ඇත.
ආගන්තුක සත්කාරය ඇති කෙනෙකි.
නීතිගරුක වේ. ගෘහ ජීවිතයට ආශා
ඇත්තෙකි. විවාහයෙන් පසුව
ඥානවන්තව ක්‍රියා කරයි. එකම
අභ්‍යන්තර ආශාව ඥානය දියුණුව
පිණිස කටයුතු කිරීමයි.
සිත කය දෙක එකසේ කඩිසර වේ.
මල්ලව පොර වැනි සෙල්ලම් වලට හා
ඉක්මන් ගමන් බිමන් වලට සුදුසු වේ.
බොහෝ ඇවිදීමට සිදුවේ. ස්ථාන මාරු
කිරීමට සිදුවේ. දුර ගමන් යෙදෙන්නට
සිදුවේ. හොදහිත ඇති ගුණවත්
ගෞරවාන්විත කෙනෙක් වේ.
ධර්මිෂ්ඨයෙක් ලෙස ප්‍රසිද්ධ වේ.
ආගමික භක්තිය ඇති කෙනෙකි.
ගුරුවරු දේශකවරු වැනි අයෙක් විය
හැක. ධර්මිෂ්ඨ භාවයට වඩා ලෞකික
භාවය වැඩිය. තමා අන්‍යයන්ට
යහපතක් වනවා මෙන්ම අන්‍යයන් ද
තමාට යහපත් වෙයි. රැකියා දෙකක
හෝ වැඩි ගණනක යෙදේ. විවාහ දෙකක්
වීමටද ඉඩ තිබේ.